
දැක්ම
මෙහෙවර
ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා දීම, සෞඛ්‍ය සම්පන්න, ප්රෙබෝධමත් සහ විවේක බුද්ධියෙන් හෙබි පුද්ගලයින් බිහිකිරීම, යටිතල පහසුකම් සැපයීම හා නව තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සහ වර්ධනය කිරීම.
තිරසර සංවර්ධන ඉලක්ක 03 හා සම්බන්ධයේ නිරෝගී ජීවිතයක් තහවුරු කිරීම හා සියලු දෙනාට, සෑම වයසක දී ම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම
ප්‍රතිපත්ති / සංවිධානාත්මක කර්තව්‍යයන්
ජාතික ක්‍රීඩා උළෙල සඳහා පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ක්‍රීඩා උත්සව පැවැත්වීම
අරමුණු
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව වශයෙන් අපගේ ප්‍රධාන අරමුණ වන්නේ පළාතේ සියළුම ක්‍රීඩා කටයුතු හා ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමයි.
- ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා දැනුම, කුසලතා හා සුභවාදී ආකල්ප වලින් යුත් ක්‍රීඩාශීලී කළමනාකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීම.
- ප්‍රාදේශීය, දිස්ත්‍රික්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්පත් කරගැනීමට අවස්ථාව සලසා දීම මගින් ක්‍රීඩාශීලිත්වයෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීම.
- ක්‍රීඩා සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ප්‍රවර්ධනය කිරීම.
- ඒ ඒ ක්ෂේත්රවල ප්රවනතාවයන් හඳුනාගෙන අඩුපාඩුකම් සඳහා පිළියම් යොදමින් ක්‍රීඩා සංවර්ධන කටයුතු තිරසාරව පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
කාර්යයන්
- පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා අනෙකුත් තරගාවලි පැවැත්වීම.
- ජාතික මහා ක්‍රීඩා උළෙල ඇතුළු අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර තරග වලදී ඌව පළාත නියෝජනය කිරීම.
- පුහුණු තරග, පුහුණු කඳවුරු පැවැත්වීම හා පුහුණු සංචිත පවත්වාගෙන යාම.
- ක්‍රීඩා සමාජ පිහිටුවීම, ප්‍රතිසංවිධානය, ලියාපදිංචිය, පවත්වාගෙන යාම හා පාලනය හා බලගැන්වීම.
- ක්‍රීඩා බල මණ්ඩල පිහිටුවීම, ඇඟයීම හා නියාමනය.
- මානව සම්පත් සංවර්ධනය හා කළමනාකරණය